දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක සේවකයින් විසින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා සවිකර තිබූ නාමපුවරු ගලවා දැමීම ඉතා බරපතළ අවසානයක ආරම්භය පිළිබඳව ප්‍රබල පූර්වාදර්ශයක් - ආණ්ඩුවේ නිවට ප්‍රතිපත්තිය වෙනස්කර වහාම පියවරගත යුතුයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ නන්දුමලෙයි හෙවත් රහත්ගල, කිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල් මොතෙයි, සොරාවෙලි සහ මුරුන්කන්තිවු යන ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර තිබූ නාම පුවරු අදාළ ප්‍රාදේශීය සභාවල සේවකයන් විසින් ගලවා ඉවත් කර කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථවල පටවා රැගෙනයන අයුරු මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇත. එම ක්‍රියාව අදාළ සභාවල ප්‍රධානීන්ගේ අනුදැනුම සහ නියෝග මත සිදුවූ බවට කිසිඳු සැකයක් නැත. එසේම ඒ සඳහා බෙදුම්වාදී දේශපාලන පක්ෂවල මඟ පෙන්වීම සහ ආශිර්වාදය ලැබෙන බව සහ බොහෝවිට අදාළ ක්‍රියාව සඳහා දේශපාලන තීරණ ගනුලබන්නේ එම පක්ෂවල නායකයින් විසින් බවට ද සැකයක් නැත.
එම පක්ෂ විසින් පුරාවිද්‍යා අඥා පනත, වනජීවී ආඥා පනතථ වන සංරක්ෂණ පනත සංශෝධනය කළයුතු බවට සහ මහවැලි අධිකාරී පනත අහෝසි කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ පළාත් ඉඩම් ප්‍රඥප්තිය මගින් ඉඩම් බලතල තහවුරු කරගනීමට බව ඉත.ා පැහැදිලිය. ඒ අනුව පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ක්‍රියාව අවසාන අරමුණට අදාළ ප්‍රබල ආරම්භයක් බව ආණ්ඩුව සහ මහජනයා තේරුම්ගත යුතුය.
ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික දිනයක් පිළිබඳව කතාකරමින් ජනකොටස් අතර සාමය සංහිඳියාව ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව බෙදුම්වාදී දේශපාලන නායකයන් සමග සාකච්ඡාකර අවසන් වූ සැනින් ඊට පටහැනි ක්‍රියාවක් සිදුකිරීම පිළිබඳව සහ එමගින් ලබාදෙන පණිවිඩය කියවා ගැනීම ඉතා වැදගත් වේ.
බෙදුම්වාදී බලවේග හමුවේ ආණ්ඩුව ඉතා නිවට ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඔවුන් සතුටු කිරීමට ගන්නා වූ උත්සාහය තුළ එම බලවේග අදාළ ක්‍රියා සඳහා දිරිමත් වන බවද ඉතා පැහැදිලි ය. එසේම ආණ්ඩුව ජාතිවාදයට ඉඩ නොදෙන බව පවසමින් බහුතර සිංහල ජනතාවට වක්‍රව චෝදනා එල්ල කිරීමට උත්සාහ කළ ද සැබෑ ලෙසම ජාතිවාදී ක්‍රියාමාර්ග දිගින් දිගටම ප්‍රද්ර්ශනය කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න බව ආණ්ඩුවට කෙසේ වෙතත් පොදු ජනයාට රහසක් නොවේ. පසුගිය දිනවල ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ බුදු පිළිමය පොලිසිය විසින් පැහැරගෙන යාම තුළින් ආණ්ඩුවේ පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය විය. එම තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වුවහොත් පොදුජනයා ඊට ප්‍රතිචාර දැක්වීම වැළැක්විය නොහැක.
එම නිසා ආණ්ඩුව වත්මන් නිවට ප්‍රතිපත්තිය වෙනස්කර වහාම නීතියේ ආධිපත්‍ය පිහිටුවීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කරමින් ජාතිවාදී සහ ආගමික ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කළ පිරිස් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අදාළ නාම පුවරු නැවත සවිකිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමු.
මේ වගට,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
- පිටපත් - මහනායක හිමිවරු
