ජාතික ජන බලවේගය විසින් පාලන බලය හොබවන උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසේ වැඩ සඳහා ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් සහ වාහන යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ මාතලේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙතයි.
පැමිණිල්ල අනුව පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ අවස්ථාවේ එම සේවකයන් පවසා ඇත්තේ ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරියාගේ උපදෙස් මත සභාපතිවරයාගේ නිවසේ උළු රැගෙන ඒමට කටයුතු කරන බවයි.
සභාපතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ තම නිවසේ උළු ගලවා අලුතෙන් ෂීට් දැමීමට කටයුතු කළ බවත් ඉවතලන උළු ප්‍රාදේශීය සභාවේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට දැනුම්දීමෙන් පසු සභාවේ මල් පාත්ති සකස් කිරීමට හා මුරකටියක් සඳහා මෙම උළු ප්‍රදානය කිරීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් පළාත් පාලන කොමසාරිස්වරිය මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවද සඳහන් කර තිබේ.
