සතියක් ඇතුළත රටේ ණය බර බිලියන 300කින් ඉහළට..

සතියක් ඇතුළත රටේ ණය බර බිලියන 300කින් ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ  අදහස්  පළ  කළේය.


"2025 වසර වන විට ගිගාවොට 16500ක් රටේ ජනනය වෙනවා. 2030 වසරේදී මේ මට්ටම 24000 දක්වා වැඩි කර ගැනීමට පුරෝකථනය කර තිබෙනවා. 2050 වන විට ඒවා අගය ගිගා වොට 45000 මට්ටමකට පැමිණීමට නියමිතයි. 

අප භයානක තත්ත්වයකට පිළිතුරු සෙවිය යුතුව තියෙනවා, අයවැය ඉදිරිපත් කරන දවසේ ඩොලරය රුපියල් 300 මට්ටමේ තිබුණා. මේ කතා කරන මොහොතේ එල් සී එකක් අරින්න නම් ඩොලරය 312 කට පමණ වැඩි වී තියෙනවා. මේ දවස් හතට අප රටේ ණය තොගය බිලියන 300කින් වැඩි වී තියෙනවා. මේ තත්ත්වය අපේ ආයෝජනයට මොන අන්දමින් බලපානවාද කියා සිතිය යුතුයි. 

විදුලි බල ඒක්තයක් විකුණන මිල ඉතා වැදගත් කාරණයක්. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල ඒකකයක මිල රුපියල් 16-20 අතර අගයක තියෙනවා. තායිලන්තය මැලේසියාව වැනි රටක එම අගය 22 ක් පමණ වෙනවා. නමුත් ලංකාවේ විදුලි ඒකකයක මිල පවතින්නේ 24-25ක් මට්ටමකයි"
Previous Post Next Post