භාණ්ඩාගාරය පිරි ඉතිරී යන්නේ හොරකම, වංචාව, දුෂණය නැවැත්තුු නිසා..


නව රජය යටතේ භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇත්තේ හොරකම වංචාව දූෂණය නැවතුනු නිසා බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

පසුගිය පාලන සමයන්හි භාණ්ඩාගාර හිස් වූයේ රට ගැන සිතා වැඩ නොකර තමන් ගැන සිතා වැඩ කිරීම නිසා බවද ඒ මහතා පැවසුවේය.

වත්මන් පාලනය යටතේ රට නිසි මුල්‍ය කළමනාකරණයක් මුල්‍ය විනයක් සහිතව ඉදිරියට යමින් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේදී ාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

Previous Post Next Post