කොළඹ වරායේ කටයුතු වලදී මෙහෙයුම් සිදුවන ප්‍රමාදය හේතුවෙන් විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකා එම වරාය මඟහැර යාමේ ප්‍රවණතාවක් පවතින බව වාර්තා වෙයි.
ඒ අනුව මෙය මෙරට ඇඟලුම් කර්මාන්තය සඳහා මෙන්ම එම කර්මාන්තය රැක ගත් විශ්වාසයද අනතුරට ලක් කරන අවස්ථාවක් බවට පත්ව තිබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය චෝදනා කරයි.
ඒ අනුව කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා වහා ප්‍රතිසංස්කරණ අවශ්‍යව පවතින බව එම සංගමය පෙන්වා දෙයි.
'කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඇඟලුම් තොග ගැනුම්කරුවන්ට නිසි වේලාවට යැවීම සම්බන්ධයෙන් අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරන අවස්ථාවක්'
ඒ අනුව ගෝලීය තරගකාරිත්වය මත දැඩිව රඳා පවතින මෙරට අපනයනකරුවන්ගේ අවධානය මෙම කරුණ පිළිබඳව යොමුව තිබෙන බවත් එම සංගමය අවධාරණය කර සිටියි.
"පසුගිය මාස කිහිපය තුළ ඇතැම් නැව් සමාගම් කොළඹ වරායට සේන්දු වීමට දිනකට හෝ දින දෙකකට පෙර එම වරාය මගහැර යෑමට කටයුතු කර තිබෙනවා. මෙවැනි නෞකා වැඩි වශයෙන් නැගෙන හිර ආසියාවේ සිට පැමිණෙන, කර්මාන්තසඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගත් බහලුම් නෞකා වීම ප්‍රශ්නයේ බරපතළ බව තවත් වැඩි කරනවා"
ඒ අනුව මේ තත්වය ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි පිලි බොත්තම් සහ අනෙකුත් උපාංග සහිතනෞකාවකට අත් වුවහොත් සහ එබඳු නෞකාවක් කොළඹට සේන්දු නොවී වෙනත් වරායක ගොඩබෑම හෝ කොළඹට සේන්දු වීම ප්‍රමාද වුවහොත් එය ඇඟලුම් කර්මාන්තය වෙත දරුණු හානි ඇති කරනු ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.
