ඔවුන්
මේ බව කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සිව්වන
වාර්ෂික සම්මේලනය නුවරඑළියේ පැවැත්වීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි ,
වැඩිදුර
අදහස් දක්වමින් නුවර එළියට ස්ටික් කුඩා ව්‍යාපාරික හිමියන්ගේ සංගමයේ සබන්ඩා ඩී.එම්.ජයන්ත
බණඩාර මහතා මෙසේද කීය ,
නුවරඑළිය
කුඩා ව්‍යාපාර හිමියන් තමන්ගේ ව්‍යාපාර කටයුතු නැග්වීම සඳහා විවිධ ස්ථානවලින් ණය
ලබාගෙන ලක්ෂ ගණනින් ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාර කරගෙන යන්නේ
,
කුඩා
ව්‍යාපාර හිමියන්ගේ නිෂ්පාදන විසි අන්දමින් වෙළඳපොළට මුදා හැරීමේ කටයුතු සඳහා
පසුගිය රජයන්වලින් කිසිදු සහයෝගයක් හරි විදිහට ලැබුණේ නැහැ
,
සක්මන්
රජයේ වැඩපිළිවෙලක් සකසාගෙන යනවා අපි ඒ ගැන සෑහීමකට පත් වෙනවා වගේම අපි වත්මන්
රජයෙන් ඉල්ලා එම ක්‍රමවේදී විධිමත් කර දේශීය මෙන්ම විදේශීය වශයෙන් අවශ්‍ය වෙළඳපොළ
සකස් කර දෙන ලෙසයි ,
තවද
නුවරඑළිය ගත්කල බහුතරයක් ඉඩම්වල අයිතිය තියෙන්නේ රජයට බැවින් ව්‍යාපාරයක් අරඹන්න
බැංකු හා මූල්‍ය වලින් ණයක් ගන්න බැහැ
,
ඇපේට
තියන්න තමන් ළඟ කිසිදු දේපළක අයිතියක් නැති කොට බැංකු හා මූල්‍ය ආයතනය ණය ලබාදීම
ප්‍රතික්ෂේප කරන අවස්ථාවල් බොහෝමයි ,
වතුකර
ප්‍රදේශවල ජීවත්වන අයටත් එම ගැටලුවම තියෙනවා මන්ද වතුකර ප්‍රදේශවල තමන් ජීවත්වන
නිවාස අයිති වතු සමාගම් වලට ,
කුඩා
ව්‍යාපාර නංවන්න රජය කටයුතු කරන අවස්ථාවක අපි රජයට යෝජනා කරනවා කුඩා ව්‍යාපාර
අරඹන්නට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරිකයන් දිරිගන්වමින් බැංකු හා මූල්‍ය ආයතන
සමඟ සාකච්ඡා විශේෂ ක්‍රමවේදයක් යටතේ කුඩා
ව්‍යාපාර දිළිගන්වන්නට ණය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ලබා ගන්නා ලෙස ,
මෙහිදී
පැවති නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර හිම්‍යන්ගේ සංගමයේ සිව්වන වර්ෂ පූර්ණය සැමරුම්
උත්සවය සඳහා නුවරඑළියේ දිස්ත්‍රික් හිටඋ කුඩා ව්‍යාපාර සංවර්ධන නිළදාරි හා වත්මන්
පරිසර අමාත්‍යාංශය අතිරේක ලේකම් ප්‍රවීණ දේශක සුදීර ජයරන්න මහතා නුවරඑළිය දිස්ත්‍රික්
කුඩා ව්‍යාපර සංවර්ධන සහකාර අධ්‍යක්ෂක ටී.ජී.එන්.බණ්ඩාර මහතා නුවරඑළිය නගරාධිපති
උපාලි වනිගසේකර මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බැංකු හා මූල්‍ය ආයතන
කළමනාකරුවන් නියෝජිතයන් හා කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ
.
ආර්.එෆ්.එම්.සුහෙල්
