කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව හා මාවනැල්ල අතර කොටස නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ කඩුගන්නාව පහළ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් මෙම පියවර ගත් බවය.
එම අනතුර හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් ඇත.
සුන්බුන් අතර සිර වූ පිරිස් සොයා ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
