වතු කම්කරු වැටුප් වැඩි කරන්න හාම්පුතුන් දෙන්නේ දෙසීයයි.. ඉතුරු දෙසීය රජයෙන් දෙනවා..- වසන්ත


වතු කම්කරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 1350 වැටුප ස රුපියල් 1750 දක්වා වැඩි කරන්නේ වතු හාම්පුතුන්ගෙන් දෙසීයක් සහ දිරි දීමනාවක් ලෙස රජයෙන් ගෙවන රුපියල් 200ක් ලෙස බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රජය මේ සඳහා රුපියල් මිලියන පන්දහසක් වෙන්කර ඇති බවද හෙතෙම පැවසීය.

රුපියල් 200ක් වැඩි කිරීමට වතු හාම්පුතුන් එකඟතාවය පළකර ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඉතුරු රුපියල් 200 රජය දිරි දීමනාවක් ලෙස රජය විසින් ලබාදෙන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.


Previous Post Next Post