බස් රථයක් සිදු වීමට ගිය විශාල අනතුරකින් බේරෙයි...

 


මස්කෙළීය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක පසු පස රෝදය ප්‍රධාන මාර්ගය අභියස වූ බෝක්කුවකට වැටීමෙන් එම බස් රථය ප්‍රපාතයකට පෙරලී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එම බස් රථයේ රියදුරා (11) දින සමත් වී ඇත.

ධාවනය වෙමින් තිබු බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් සිට නල්ලතන්නිය දක්වා අධික වේගයෙන් විදේශිකයන් දෙදෙනෙකු රැගෙන ගමන් ගත් ත්‍රීරෝද රථයක් තම බස් රථයේ ගැටිමට උත්සහ කිරිමෙදි අනතුර වළක්වා ගැනීමට බස් රථය මාර්ගයේ පසෙකට ඉවත් කිරිමෙදි බස් රථයේ පසුපස රෝදය බෝක්කුවකට වැටුනු බවයි බස් රථයේ රියදුරා කියා සිටියේ.

හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රොක්වුඩ් වත්ත ප්‍ර දේශයේ (11) දින පස්වරු 1:00ට පමණ මෙම අනතුර සිදු වූ බවත්, අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇනහිට තිබූ නිසා නෝර්වුඩ් පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව බස් රථය ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වය පත් විය.

අවධානම් සහිත එම බෝක්කුව නොපෙනෙන බවත්, එම ස්ථානයේ ආරක්ෂිත වැටක් ඉදි කරන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

- රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post