පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
සමහර දේශපාලන පක්ෂ විවිධ හේතුන් මත නුගේගොඩ රැළියට සහභාගි වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කර තිබෙනවා. සමහරු ඒ පිළිබඳ කර්කශ විවේචනත් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් රැළියට සහභාගි වෙන සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටින්නේ ඒ අයව විවේචනය කරන්න එපා. ඒ අයට සරදම් කරන්න එපා. අද එකතු නොවන අයව හෙට මේ මහ ප්‍රවාහයට එකතු එකතු කර ගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනි. හැමදාමත් සංධාන ගොඩ නගන්න ඉන්නේ ටික දෙනයි. නමුත් ඒක අවසානයේ ආණ්ඩු පෙරලන මහ බලවේගයක් වෙනවා. ඒක හරියට පුංචි දිය පාරක් සෙමින් සෙමින් ඉදිරියට ඇදිලා මහ ගංගාවක් වෙනවා වගේ. කොහොමත් බස් එක කොට උඩ තිබෙන කොට ඒක හදන්න එකතු වෙන්නේ ටික දෙනෙක් වුණාට බස් එක පාරට දැම්මාම ඒකේ නැගලා යන්න ගොඩ දෙනෙක් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය.
දේශපාලන උපාය මාර්ගවල දැවැන්තයෙකු වන මහත්මා ගාන්ධි වරක් අපූරු උපදෙසක් දුන්නා. ඔබ අළුත් ව්‍යාපෘතියක් පටන් ගත්තාම මුලින්ම, ඔබව ගණන් නොගෙන ඉඳීවි. දෙවනුව, ඔබට සරදම් කරාවි. තුන්වෙනුව, ඔබව සැක කරාවි. සිව්වෙනුව, ඔබව විවේචනය කරාවි. පස්වෙනුව, ඔබට අපහාස කරාවි. හයවෙනුව, ඔබට බාධා කරාවි. මේ සියල්ලෙන්ම ඔබ නොසැලී ඉදිරියට ගියොත් ඒ සියළුදෙනාම ඔබත් සමග එකතු වේවි. අපි මේ වන විට ඉන්නේ ගාන්ධිතුමා කියූ සරදම් කරන සැක කරන අපහාස කරන අවධිවල. ඊලඟට බාධා කරන අවධිය ඒවි. ඒ සියල්ලටම අපි අධිෂ්ඨානයෙන් මුහුණ දුන්නාම අවසානයේ දී ඒ සියල්ලම මේ ආණ්ඩුවට එරෙහිව අපත් සමග එකතු වේවි. එදා දවස උදාවන තුරු අධිෂ්ඨානයෙන් සිටීමත් විපක්ෂයේ අන් බලවේග වල මත ඉවසීමත් අපි කළ යුතු වෙනවා.
එකම එක පක්ෂයක් විතරක් අපේ අතර ආණ්ඩුවේ ඔත්තුකරුවන් සිටින නිසා අපෙත් සමග එකතු වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරලා තිබුණා. පසුගිය සතියේ මම උත්තර දුන්නේ ඒ ප්‍රකාශයට. අපේ ගමන ගැන සැකයන් මතු කරන ප්‍රකාශයන්ට අපි පිලිතුරු දුන්නත් අන් කිසිවෙකු සමග ගැටුම් ඇති කර ගෙන අනාගතයේ අපෙත් එක්ක එකතු වෙන්න තිබෙන අවස්ථාව අහිමි කර ගන්න අපි කැමැති නෑ. වත්මන් ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු කරනු කියලා පොරොන්දු සිහිපත් කළ යුතුයි කියා ඔබ හිතනවා නම් හොරු අල්ලන්න ඇවිත් කම්බ හොරුන් බවට මාලිමාව පත් වෙලා කියන එක රටට හෙලි කළ යුතුයි කියා ඔබ හිතනවා නම් වැඩ බැරි නම් කයියෙන් ඇති වැඩක් නෑ කියලා ආණ්ඩුවට කියන්න ඕනි කියලා ඔබත් හිතනවා නම් ඔබ මේ මොහොතේ විශ්වයේ කොතැනක හිටියත් නොවැම්බර් 21 සවස ඔබ සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි කියන එක අපි නැවත වතාවක් සිහිපත් කරනවා.
