වට්ටක්කා කිලෝව අටකටවත් දෙන්න බෑ.. ගොවීන් අමාරුවේ..


 කිළිනොච්චි ප්‍රදේශයේ වට්ටක්කා වගා කරන්නන් මේ දිනවල දරුණු අසීරුතාවකට පත්ව සිටින්නේ, ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙනි. 

ගොවි බිම් බොහොමයක අස්වනු නෙළා ගත් වට්ටක්කා ගොඩගැසී තිබෙන ආකාරය දැකගත හැකිය.

ප්‍රාදේශීය ගොවීන්ගේ ප්‍රකාශයන්ට අනුව, මෙවර ගොවීන් දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වට්ටක්කා වගාවට යොමු වී ඇතත්, ඔවුන්ට සිය නිෂ්පාදන කිලෝග්‍රෑමයක් රුපියල් අටකට හෝ අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ වන විට, බොහෝ ගොවීන් තම වට්ටක්කා තොග වෙළෙඳපොළට යැවීම සඳහා නෙළා ගෙන ගොඩ ගසා තබා ඇතත්, වෙළෙන්දන් ඒවා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, අස්වනු සියල්ලම වැස්සට කුණු වී යාමේ අවදානමට මුහුණ දී සිටින බව ගොවීහු තවදුරටත් අවධාරණය කරති.

1 Comments

  1. එක් සුපර් මාකට් ජාලයක වට්ටක්ක කිලෝව 50/= මිලට විකුණනව. සැපයුම වැඩියි.ලංකාවේ වගාව නියාමනය අත්‍යාවශ්‍ය බව පේනව නේද? එක් එක් භෝග වලට වගාව සීමා පනවා අපතේ යන පොහොර කෘෂි රසායන මිනිස් ශ්‍රමය ජල සැපයුම ඉඩම් අනවශ්‍ය භාවිතය නවත්තන්න ඕන නේද? අනික පසු අස්වනු කලමනාකරනය.

    ReplyDelete
Previous Post Next Post