සොරණාතොට මාලිමා සභාවේ අයවැය පරදී...


 ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය (07) පරාජය විය. මෙහිදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් වැඩි ඡන්ද තුනකින් සම්මත වීමෙන් අයවැය ප්‍රතික්ෂේප විය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව සභාවේ වැඩිම සභික සංඛ්‍යාව හිමිව ඇත්තේ විපක්ෂයටය. විපක්ෂයට ආසන 10ක් හිමි වන විට, ජාතික ජන බලවේගය සතුව තිබුණේ සභික ධුර 05ක් පමණි.

කෙසේ වෙතත්, සභාපතිවරයා තෝරා ගැනීමේදී විපක්ෂයේ සභිකයන් දෙදෙනෙකු ජා.ජ.බ. අපේක්ෂකයාට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්, සභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි විය.

Previous Post Next Post