ඊශ්‍රයල් ජාතිකයෙකු ගමන් ගත් යතුරුපැදියක් කැබ් රථයක ගැටී බරපතලයි...

 


ඊශ්‍රයල් ජාතිකයෙකු ගමන් ගත් යතුරුපැදියක් කැබ් රථයක ගැටිමෙන් ඊශ්‍රයල් ජාතික යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (07) දින ඇතුලත් කල බව නාවලපිටිය පොලිසිය පැවසීය.

පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ හරංගල මංසන්ධියෙදිය.

තුවාල ලැබු ඊශ්‍රයල් ජාතිකයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග දිවයිනේ සංචාරයක් සදහා පැමිණ යතුරුපැදි 03කින් වැලිගම සිට කුලී පදනම මත ලබා ගත් යතුරුපැදි තුනකින් මහනුවර, නුවරඑලිය හරහා ඇල්ල දක්වා යතුරුපැදි ධාවනය කරවන අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වූ එක් යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට ධාවනය කල කැබ් රථයේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post