මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසන් සභා වාර්තාව මගින් කරන ලද නිර්දේශයන් ප්‍රකාරව, අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණු කර ඇති ආයතන සහ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණු කර ඇති ආයතන හා පුද්ගලයන් පහත පරිදි වේ:
- පපචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (Perpetual Treasuries Limited)
- සන්දේෂ් රවින්ද්‍ර කරුණාත්න (හිටපු මුදල් අමාත්‍ය)
- ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් (හිටපු අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව)
- පත්තිනිගේ සමරසිරි (හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව)
- අර්ජුන් ජෝසෙෆ් ඇලෝසියස්
- පරිසේන අප්පුහාමිගේ දොන් කසුන් ඕෂදී පරිසේන
- ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්
- තරංජන් කුළුගල්ල
- මුත්තුරාජා සුරේන්ද්‍රන්
- අජාන් ගර්දිගේ පුංචිහේවා
- බඳුගොඩ හේවා ඉණික සමන් කුමාර (ප්‍රධාන අලෙවිකරු, සේවක අර්ථ සාධක අරමුදල)
- සඟරපිල්ලේ පදුමනාපන් (ජ්‍යෙෂ්ඨ කළමනාකරු, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව)
මෙම ගණුදෙනුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම තක්සේරු කර නොමැති බව කී අගමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම විශේෂිතව ගණනය කර නොමැති බවයි.
ආර්ථිකයට සිදුවූ බලපෑම තවමත් විමර්ශනය කරමින් පවතින බවත්, වසර 10ක් ගතවී ඇතත් මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර නොමැති බවත් ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් වෙතින් සිදුවූ අලාභය අය කර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.
මෙම වංචාව හේතුවෙන් පපචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් විසින් සිදු කරන ලැබූ වූ අලාභය මෙසේ ගණනය කර තිබේ:
• මහ බැංකුව අරමුදල් විෂයෙහි: රුපියල් 78,950,000.00
• සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) විෂයෙහි: රුපියල් 6,980,277,943.63
