වවිනියා විශ්ව විද්‍යාලයේ පැවති සාදයකින් පසු එහි පළමු වසරේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් මියගිය සිසුවාට බලහත්කාරයෙන් මත්පැන් පවා ඇති බවය.
විශ්ව විද්‍යාලයේ නවක සිසුන් වෙනුවෙන් පැවති සාදයකදී මෙසේ මත් පැන් පොවා ඇතැයි පැවසෙයි.
පොලිසියද සදහන් කරන්නේ මිය ගිය සිසුවාගේ සිරුරේ සැලකිය යුතු මත්පැන් සාන්ද‍්‍රණයක් තිබී ඇති බවය.
