Flucloxacillin ,Clopidrogel, Penicillin, Tramadol, Metformin, Roauvastatin, Chloroquine, Paracetamol,Ciprofloxacillin, ඇතුළු වෙළඳපොලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉහළ ඉල්ලුමක් පවතින ඖෂධ නිසි කාල වේලාව තුළදී අපේක්ෂිත ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කොට වෙළඳපොළට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමට නොහැකි වීම නිසා මෙම බරපතළ ආර්ථික හානිය සිදුවී ඇති බව එම වාර්තාවට අනුව පෙනී යන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
සමොලොචිත වර්ෂයේ සඳහා නිෂ්පාදන සැලැස්මට අනුව අයවැය ගත නිෂ්පාදන ඖෂධයක මිලියන 420 ක් වූ අතර සත්‍ය නිෂ්පාදනය ඖෂධ ඒකක මිලියන 3146 ක් වීමෙන් අහිතකර විචලනය ඖෂධ ඒකක මිලියන 87 ක් වී ඇත. මෙය ඉකුත් වර්ෂය හා සැසඳීමේදී ඖෂධ ඒකක මිලියන 381ක ඖෂධ නිෂ්පාදනය අඩුවීමකි.
තවද සමාලෝචිත වර්ෂයේ නිෂ්පාදනය කර තිබූ ඇතැම් ඖෂධවල පෙති කුඩා කොටස් වලට කැඩී යාමේ හැකියාව ඉහළ යාම ඖෂධ පෙතිවල බරෙහි ඇතිවූ විචල්‍යතා, අයහපත් පෙනුම හා ඖෂධ පිටි කැඩීමට ඇති අපහසුතාවෙන් හේතුන් මත අවස්ථා දාහතරකදී නිෂ්පාදනය අතරමග නවතා අතිරේක පිරිවැයක් දරා නැවත නිෂ්පාදනය ආරම්භ කර තිබූ බවද එහි සඳහන් වේ.
එසේම ඇතැම් සමාගම් සමග බද්ධ ව්‍යාපාර ආරම්භ කොට එමඟින් නිෂ්පාදන අයිතම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ලබාදීමට සැලසුම් සකස් කොට තිබුණද සමාලෝචිත වර්ෂය තුළ කිසිදු ඖෂධයක් සපයන්න තිබුණු බවද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මෙම අකාර්යක්ෂමතාව නිසා රජයට බරපතළ ආර්ථික හානියක් සිදුවන අතර පෞද්ගලික සමාගම්වලට ආර්ථික ලාභයක් සිදුවන ආකාරයේ දූෂණ සහ වංචා සිදුවීම සඳහා ක්‍රියාමාර්ග ේ විවර වන බැවින් මෙම සම්පූර්ණ විගණන වාර්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි
