'ගල්කිස්ස දෙහිවල නගර සභාවේ මන්ත්‍රිනි කුමාරි කරුණාජීවගේ පුතා මිට දින කිහිපයකට පෙර අත් අඩංගුවට අරගෙන තියෙනවා කියලා විෂ මත්ද්‍රව්‍යය ලග තබාගැනීම නිසා.මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන ලදි.
ගල්කිස්ස දෙහිවල නගර සභාවේ මන්ත්‍රිනිගේ පුතා තමයි 'කවිදු නිශාල් දුලාංජන' කියන්නේ. ඔහුව අත් අඩංගුවට ගන්නේ ගිය මාසේ 25 වෙනිදා. ඒ හශීස් මත්ද්‍රව්‍යය මිලිග්‍රෑම් ප්‍රමාණයක් ලග තබාගත්තා කියලා. අත් අඩංගුවට ගැනීම සිද්ධ කරන්නෙ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිස්ථාන 8ක්, ගුවන් සහ යුධ හමුදා නිලධාරීන් සමග 200ක විතර පිරිසක් එකතුවෙලා. හදිසි මෙහෙයුමකින් එකි තරුණයා ඇතුලු තවත් පුද්ගලයන් 29ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා'
මේ සම්බන්ධව පසුගියදා ලංකාදීප පුවත්පත ද වාර්තා කළ අතර මෙම පුවත තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ දක්වා අදාළ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉවත් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු යුතු වූවත් එවැන්නක් මේ දක්වා සිදුවීම් නැති බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවත් දෙහිවල ගල්කිස විපක්ෂ කණ්ඩායම් නායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
'මෙතන අනෙක් කාරණය තමයි මේ තරුණයා මේ මාලිමා මන්ත්‍රිනීගෙ පුතා පමණක් නෙමෙයි. ඔහුගේ පියා එහෙම නැතිනම් මේ මන්ත්‍රීනිගේ නීත්‍යානුකූල සැමියා නමින් 'කන්සාවගේ නිහාල්' කියන්නේ බටහිර කවුඩාන මහජන ආරක්ෂක කමිටුවේ සභාපති. එහෙම පසුබිමක ඉද්දි තමයි මෙ තරුණයා හශීස් මත්ද්‍රව්‍ය එක්ක අත්අඩංගුවට ගන්නේ.
ඇතැම් සැකකරුවන්ගේ දුරකථන තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන ආණ්ඩුව , ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ විට ඔවුන්ගේ දුරකථන තොරතුරු සම්බන්ධයෙන් මුනිවත රැකීම විහිළුවට කරුණක් බවද පවසයි.
දෙහිවල ගල්කිස්ස මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැර ඇති බව වාර්තා වන අතර ආණ්ඩුව මේ අන්දමට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව වෙනුවෙන් එක් ආකාරයකටත් අනික් පාර්ශව සම්බන්ධයෙන් තවත් ආකාරයකටත් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද සමඟ ජන බලවේග දෙහිවල ගල්කිස්ස කණ්ඩායම් නායක විශේෂඥ වෛද්‍ය චමල් සංජිව මහතා පෙන්වා දෙයි.
