උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

 


කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට පැමිණකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු (25) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

නාවලපිටිය සෙන්බ්‍රිජ් ප්‍රදේශයේදි උදෑසන 9:00ට පමණ එම දුම්රියේ පසුපස මැදිරියකට එම පුද්ගලයා ගැටී හෝ පැන ඇති බවට සැක කරන බවත්, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි නිසා දුම්රිය ආරක්ෂක අංශ නිළධාරින් විසින් සිරුර නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත භාර දී ඇත.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post