බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නීතිමය කරුණු ඉදිරිපත් කර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
අමාත්‍යවරයා විසින් 2015 වර්ෂයේදී පොහොර සංස්ථාවේ සේවය කරන අතරතුර මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් පවත්වයි.
අමාත්‍යවරයාගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ලිඛිත කරුණු දැක්වීමක් සලකා බලන ලෙසයි.
මීට පෙර, අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබුණි.
රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ගය මහාධිකරණයේ ගොනු කිරීමට නියමිතය.
අමාත්‍ය ජයකොඩි මහතා විමර්ශනයට ලක්වන අදාළ ටෙන්ඩරය පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එවක සේවය කර ඇත.

කබරගොයා තලගොයා .....කබරගොයා තලගොයා......
ReplyDelete😜
ReplyDelete