පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා සඳහන් කරයි.
එසේ නැතිව පාර්ලිමේන්තුවේදී විවිධ කරුණු ඉදිරිපත් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවද ඔහු පැවසීය.
නීති උපාධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් එක වතාවක් ප්‍රකාශයක් ලබා ගත්තා හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන නැති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් හෝ සිදු කර නැති බවද හෙතෙම පැවසීය.
මේ දිනවල ලන්ඩන් නගරයට ගොස් සිටින රහස් පොලිසියේ නිලධාරීන්ට නාමල් රාජපක්ෂ මහතාගේ ලන්ඩනයේ නීති විභාගය සම්බන්ධයෙන්ද තොරතුරු සොයාගෙන ලෙස දැනුම් දෙන ලෙසද ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
