බඹරුන් ඇන තුවාල ලැබූ සේවිකාවට ගිලන් රථය නොදේ... වැඩ වර්ජනයක්


 කොටගල වතු සමාගමට අයත් මේෆීල්ඩ් වතුයායේ කම්කරුවන් පිරිසක් (19) දින මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඊට හේතුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 16 වනදා තේ දළු නෙළමින් සිටි කාන්තාවකට බඹරුන් දෂ්ට කිරීමෙන් ඇය තුවාල ලබා රෝහලට ගෙන යාම සඳහා වතු පරිපාලනය විසින් ගිලන් රථය ලබා නොදීම බවයි වැඩ වර්ජනයේදී සිටි සේවකයන් පවසා සිටින්නේ ,

​වතු කම්කරුවන් වැඩිදුරත් පවසන්නේ වතු පරිපාලනය විසින් නිසි පහසුකම් සහ සේවක ගෞරවය නොදෙන බවත්, මේ හේතුවෙන් කම්කරුවන් සහ පරිපාලනය අතර ගැටලු නිරන්තරයෙන් පවතින බවත්ය. කම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වතුයායේ පරිපාලනය වෙනස් කිරීමට කටයුතු කරන ලෙසයි.

​මේ පිළිබඳව වතු පරිපාලන අංශයෙන් විමසූ විට, ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන නොවැම්බර් 24 වන දින හැටන් කම්කරු කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙන බවත්ය.

​කෙසේ වෙතත්, වතු කම්කරුවන් පවසා සිටින්නේ ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තුරු ඔවුන් වැඩ වර්ජනය අත් නොහරින බවයි.

ආර්.එෆ්.එම්.සුහෙල් 

Previous Post Next Post