නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්නැයි ලන්ඩන් ගිය රහස් පොලිසියට කියයි...


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා සඳහන් කරයි.

එසේ නැතිව පාර්ලිමේන්තුවේදී විවිධ කරුණු ඉදිරිපත් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවද ඔහු පැවසීය.

නීති උපාධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් එක වතාවක් ප්‍රකාශයක් ලබා ගත්තා හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන නැති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් හෝ සිදු කර නැති බවද හෙතෙම පැවසීය.

මේ දිනවල ලන්ඩන් නගරයට ගොස් සිටින රහස් පොලිසියේ නිලධාරීන්ට නාමල් රාජපක්ෂ මහතාගේ ලන්ඩනයේ නීති විභාගය සම්බන්ධයෙන්ද තොරතුරු සොයාගෙන ලෙස දැනුම් දෙන ලෙසද ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.


3 Comments

  1. 21 බිය ආණ්ඩුව ඵක ඵක විධියට නැති කරගන්න උත්සාහ ගන්නවා.ජීවිතහානී නම් සිදුකරන්න ඵපා අනුර සහෝදරයා.ඔබ මහා පව්කාර වැඩ කරලා ඔතනට පැමිණියේ.අවුරුදු 76ක් ඔයාලා රට වට්ටන්න පුළුවන් හැම ජඩ වැඩක්ම කලා නේ.දැන් හදන්නේ රට විදේශිකයන්ට වගේම දමිළ මිනීමරු ත්‍රස්තවාදීන්ට පාවා දෙන්නද?සිංහල දමිළ මුස්ලිම් ජනතාවනී රට දැය ආගම පාවාදෙන මේ ආණ්ඩුව හෙළාදැක පළවා හරිමු

    ReplyDelete
  2. දැන් රනිල් වියදම් කර මුදල ට වඩා වැඩි මුදලක් එංගලන්තේ මේ කට්ටිය යවන්න වියදම් කරන්න ඇති නේද? එතකොට මේ රාජ්‍ය මුදල් දේශපාලන හේතු වෙනුවෙන්. ආවභාවිත කිරීමක් නොවෙයි ද?මේ මහජන මුදල් නේද? දැන් රනිල් මහජන මුදල් නාස්තිv කරලා කියලා ඔප්පු කරොත් ඔහුගෙන් එ මුදල් අය කරගන්න ව ද? මොනවා විකුණා ද? මොකද මිනිහා තමුන්ගේ දේපළ කොහොමත් රජයට ලියලා නේද තියෙන්නේ? මේ case එකට වියදම් කරන සල්ලි විශාල නාස්තියක් බව පැහැදිලියි නේද?

    ReplyDelete
Previous Post Next Post