තලවකැලේ සිට නුවරඑලිය උඩු පුස්සැල්ලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මර්ගය හරහා පෙරලි යාමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.
(08)
දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙ
නානුඔය හුළංවංගුව ප්‍රදේශයෙදිය.
අධික
වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැතිව ත්‍රීරෝද රථය ප්‍රධාන
මාර්ගය හරහා වට කිහිපයක් පෙරලී ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ පිරිස 1990 ගිලන්රථ
මගින් රොහල් ගත කල බවත්, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි
අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
