පකිස්තානය හමුවේ ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක්...

 


පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරග‌ෙයන් ශ්‍රී ලංකාව පරාජය කරමින් පකිස්තානය ජය ගත්තේය.

රාවල්පින්ඩි හි පැවති මෙම තුන්වන තරගයෙන් පකිස්ථාන කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබා ගෙන ඇත.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.

ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පකිස්ථාන කණ්ඩායම, පන්දුවාර 15.3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාව මේ වන විට තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, එම තරග දෙකම පරාජය වී ඇත. එබැවින් ප්‍රසාද ලකුණු කිසිවක් ලබාගෙන නොමැත.

කණ්ඩායම් 3ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 3 වන ස්ථානයේය.

ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය -2.679 ක් ලෙස ඉතා පහළ අගයක් ගෙන ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් පරාජය වුවද ඔවුන්ගේ ලකුණු වේගය (+1.471) ඉහල මට්ටමක පවතී.

1 Comments

  1. සුගතං සිංඤො උපෑමැටි පකිස්තානෙ ගියේ අහවල් එකටද
    මැච් පරදිනව බලන්නද? නැත්තං රටේ කරන්න වෙන වැඩක් නැති නිසාද
    ජංගියේ හිල් බැංකු ගිණුම ෆුල්!

    ReplyDelete
Previous Post Next Post