නුවරඑලියේ එළවලු අස්වැන්න අලෙවි කිරිමෙන් සහ ප්‍රවාහනය කිරිමෙන් වැළකී සිටින බවත්, ඒ අනුව රජයට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ෂවයන් (10) දින තම දෛනික කටයුතු වලින් ඉවත් වන බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය.
මේ
රටේ අල ගොවීන් සහ බී ලූණු ගොවියන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටියදී
ආනයනික අර්තාපල් සහ බී ලූණු සදහා දේශීය ගොවියා රැක ගැනීමට සරිලන බද්දක් අය
නොකිරිමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබෙන බව තරිදු
රත්නායක මහතා නුවරඑලියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මේ
පිලිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර කඩිනමින් විසදුමක් ලබා නොදෙන්නේ නම්
ඉදිරියෙදි මීට වඩා ගොවීන් එක් වී දැඩි තීරණයකට එළබෙන බවයි නුවරඑලිය දිස්ත්‍රික්
ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා කියා සිටියේ.

ගොවීන් රැකෙන්න බදු ගහන්න කියනව.ලංකා අල කිලෝව සිල්ලර මිල 400/= ආනයනය කල අල කිලෝව 190- 300 පරාසයේ.තව වැඩිපුර බදුගහල මිල වැඩිකල් කවුද ලංකා අල මිලට ගන්නේ. දේශීය ලූනු වෙනම ප්‍රශ්නයක්.ඉක්මනට කුනු වෙනව.අමුවෙන් අස්වනු නෙලීම වෙන්න බැරිද? අනික ආනයනය කල ලූනු කිලෝව 180- 200/=අතර. ඊට වැඩිය ගෙවල් දේශීය ලූනු ගන්න කාටද මුදල් තියෙන්නේ.මිල වැඩි කලොත් පාරිභෝගික ජනතාව විකල්ප වලට යනව.
ReplyDelete