වෙළදසැළක ගින්නක්..

 


තලවකැලේ තැපැල් කාර්යාලය අසළ තොග සහ සිල්ලර වෙළදසැළක (09) දින දහවල් හටගත් ගින්න පැතිරයාම පාලනය කිරිමට තලවකැලේ පොලිසියේ නිළධාරින් සහ තලවකැලේ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව පියවර ගැනිණ.

දහවල් 12:00ට පමණ එම වෙළදසැලේ මුලුතැන්ගේ ගැස් කාන්දුවක් ඇති වූ බවත්, පසුව එම වෙළදසැල් හිමියා විසින් ගෑස් කාන්දුව නවතාලීමට පියවර ගැනුනද එම ගෑස් කාන්දුවෙන් වෙළදසැළ තුල ගින්න පැතිර ගොස් තිබුණි.

පැතිර යමින් තිබූ ගින්න සෙසු වෙළදසැල්වලට පැතිර යෑම දැඩි පරිශ්‍රමයක් දක්වා වළක්වා ගැනීමට තලවකැලේ පොලිසියේ නිළධාරින් සහ තලවකැලේ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව පියවර ගැනිණ.

ගින්නෙන් සිදු වී අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට ගින්න පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසයි.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post