අධික වේගයෙන් ගිය ත්‍රීවිලයක රෝදය ගැලවී විසිවේ...

තලවකැලේ නගරයේ සිට තලවකැලේ වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී ඉවතට විසි වීමෙන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයේ පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සමන් දේවාලය අසළදීය.

අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රීරෝද රථයේ රෝදය ගැලවී ගොස් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post