පාකිස්ථාන සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආරක්ෂක හේතු මත තරගාවලියෙන් ඉවත්වීමට අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
ඒ පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවයි.
පවතින තත්ත්වය මත ආදේශක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පාකිස්ථානය බලා යාමට කටයුතු සූදානම් කරමින් ඇති බවද වාර්තා වෙයි.
ක්‍රීඩකයන් 16 දෙනෙකු එසේ ආපසු පැමිණෙන බව මුලින් වාර්තා වුවද දැන් එම පිරිස අට දෙනෙකු දක්වා අඩුවී ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය වී ඇත්තේ ක්‍රීඩකයන්ගේ අභිමතය පරිදි තරගාවලියෙන් ඉවත්වීමට ඉඩ නොදීමටත් නව ක්‍රීඩකයන් ආදේශ කර තරගාවලිය පවත්වාගෙන යාමටත්ය.
එමෙන්ම ක‍්‍රිකට් ආයතනයේ අනුමැතිය නොමැතිව පැමිණෙන ක්‍රීඩකයන් වසර දෙකක තරග තහනමකට ලක්විමේ හැකියාවක් ඇති බවද පැවසෙයි.
මෙම තත්ත්වය මත පකිස්ථානය සමඟ පැවැත්වෙන ඊළඟ තරඟය පවත්වන යාමේ අවිනිශ්චිත තත්ත්වයක් ද හට ගෙන තිබේ.
