හරිනි-මහින්ද බෙදේ... අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට ලංකා ගුරු සේවා සංගමයේ විරෝධය..


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පෙරවරු 7:30 සිට පස්වරු 2:00 දක්වා පාසල් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. 

මෙම පාසල් වේලාව දීර්ඝ කිරීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් රැසක් සිය විරෝධය පල කර තිබේ.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ධුරය දරන ලද්දේ වත්මන් රජයේ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතායි.

එම සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරන්නේ, දරුවාගේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ උදෑසන 7:00 සිට සවස 1:30 දක්වා කාල සීමාව තුළ බවයි. 

තම සංගමය විසින් පාසල් කාලය පස්වරු දෙක දක්වා දීර්ඝ නොකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත් මෙම යෝජනාව එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකදී විශේෂයෙන් ඉදිරිපත් කරන ලද බවත් ඔහු පැවසිය.

පාසල් වේලාව දීර්ඝ කිරීමට විරුද්ධ මෙම ස්ථාවරය ගෙන ඇත්තේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධව විද්‍යාත්මක පදනමක පිහිටා බව සංගමය අවධාරණය කරයි. 

තවද, මෙම පිළිගැනීම ජාත්‍යන්තරවද සනාථ වූවක් බව ඔවුන් සඳහන් කරයි.

ලංකා ගුරු සේවා සංගමයේ අපේක්ෂාව වන්නේ වර්තමාන ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇති බවය.



Previous Post Next Post