ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා සහ රජය විසින් අරම්භ කර ඇති මතට තිත ජාතික වැඩසටහන ඉතා
වටිනා අගය කල යුතු වැඩසටහවනක් බවත්, එම වැඩසටහන සියලු දෙනා එක් වි 2025-2026 ගෞතම
ශ්‍රීපාද වන්දනා වාරයෙදි ක්‍රියාවට නැංවිය යුතු බව ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව
වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,
සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය
බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසීය.
උන්
වහන්සේ ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ
ප්‍රධානත්වයෙන් 2025-2026 වන්දනාවාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික
අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා (31) දින පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවක
කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුවය
මෙම
සාකච්ඡාවේදි නල්ලතන්නි නගරය තුල 2024-2025 ශ්‍රීපාද වන්දනාවාරය අවසන් විමත් සමග
අලුතින් මත්පැන් බලපත්‍ර 06ක් නිකුත් කිරිමත් සමග නල්ලතන්නි නගරය තුල මේ වන විට
මත්පැන් ශාලා 06ක් තිබෙන බවත්, එම මත්පැන්සැල් හිමියන් ශ්‍රීපාද වන්දනාකරුවන්
ඉලක්ක කර ගනිමින් මත් පැන් අලෙවි කිරිම නතර කිරිමට පියවර ගන්නා ලෙසට නල්ලතන්නියේ
වෙළද සංගමය විසින් මෙම රැස්වීමේදි විශේෂ අවධානය යොමු කලහ.
මෙහිදි සුරාබදු දෙපාර්තමේන්තුවෙ නිළධාරින් හමුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරිය අවධාරණය කර සිටියේ මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති නල්ලතන්නිය සංචාරක හෝටල් වල එහි නවාතැන් ගන්නා සංචාරකයන්ට නිකුත් කිරිම සදහා පමණක් බවත්, එම මත්පැන්සැල්වලින් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කර ගනිමින් මත් පැන් අලෙවි කිරිම නියාමනය කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරිය සහ ශ්‍රීපාදස්ථානපති නාහිමියන් හැටන් සුරාබදු කර්යාලයේ නිළධාරින්ට උපදෙස් නිකුත් කෙරිණ.
තවද,
ශ්‍රීපාද හැටන් මාර්ගයේ ජල බෝතල් සහ පැනි බිම බෝතල් පානය කිරිමෙන් අනතුරුව ඇතැම්
වන්දනාකරුවන් එම හිස් ප්ලාස්ටික් බෝතල් සෑම ශ්‍රීපාද වන්දනාවාරයකදීම විශාල වශයෙන්
පරිසරයට මුදා හරින බවත්, එසේ වතුර බෝතල් සහ පැනි බීම බෝතල් පරිසරයට මුදාහැරීම
නියාමනය කිරිම සදහා වතුර බෝතල් සහ පැනි බීම නිශ්පාදක සමාගම් වලට උපදෙස් ලබා දෙන
ලෙසද දිස්ත්‍රික් ලේකම්වරිය විසින් පාරිභෝගික අධිකාරියේ නිළධාරින්ට උපදෙස් ලබා
දෙනු ලැබුවා.
මෙහිදි
අදහස් දැකුවූ ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් කිය සිටියේ
ප්ලාස්ටික් වතුර බෝතල් සහ පැනි බීම බෝතල් පරිසරයට මුදා හැරීම අවම කිරිම සදහා ශ්‍රීපාද
උඩ මළුවේ සිට නල්ලතන්නි මාර්ගයේ පහළට වතුර ටැංකි කිහිපයක් යොදා ජල නළ සවි කර
වන්දනාකරුවන්ට පානීය ජලය ලබා දුන්නද එම මාර්ගයේ වතුර බෝතල් සහ පැනී බීම බෝතල්
අලෙවි කරන ඇතුම් පිරිසි විසින් තම ව්‍යාපාර කටයුතුවලට එය බාධාවක් වන නිසා කඩා
විනාශ කර දැමූ බවයි.
පෞද්ගලික
අංශයක් විසින් නල්ලතන්නිය සීත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා ජල නළ යොදා
වන්දනාකරුවන්ට නොමිලේ පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් ඉකුත් වසරේ සිට ක්‍රියාවට
නංවා ඇතත්, එයද කඩා විනාශ කර දැමීමට ඇතැම් පිරිස් විසින් ක්‍රියා කර ඇති බවත්, ශ්‍රීපාදස්ථානය
පූජනීය ස්ථානයක් ලෙස සලකා 205-2026 ශ්‍රීපද වන්දනාවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කරන
ලෙසත්, ශ්‍රීපදස්ථානාධිපති නා හිමියන් මෙම රැස්වීමේදි ඉල්ලීමක් කලහ.
මෙම
රැසවීමේදි අදහස් දැක්වූ හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් වීසේකර මහතා කියා
සිටියේ හැටන් මාර්ගය ඔස්සේ විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්
අත්අඩංගුවට ගැනීමටත්, වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂවටද විශේෂ වැඩ
පිලිවෙළක් දියත් කරන බවද හැටන් ජේෂ්ඨ පොලිස් අධිකරිවරයා මෙම රැස්වීමේදි පැවසීය.
2025-2026
ශ්‍රීපාද වන්දනාවාරය උදුවප් පොහෝ දිනයෙන් (12/04) ආරම්භ කරන බවත්, ඒ අනුව
ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ අවාරයෙ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්,
දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (02) දින පස්වරුවේ එලියට වඩම්මවා එසේ වැඩම්ම
වූ ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස
(03) දින පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට බලංගොඩ, රත්නපුර පලාබද්දර රජ
මාවත, කුරුවිට එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් යන මාර්ගය ඔස්සේ පෙරහැරවල්
04කින් ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවා උදුවප් පොහෝදින අලුයම ශ්‍රීපාද උඩ මළුවේ දී
පුරාණ චාරිත්‍ර කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව 2025-2026 ගෞතම ශ්‍රීපාද වන්දනාවාරය
ආරම්භ කරන බවයි.
මෙම රැස්විමට නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, නෝර්වුඩ් සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරුන්, මස්කෙළීය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවල සභාපතිවරැන්, නිළධාරින් සහ රජ්‍ය සහ පෞද්ගලික අංශවල නිළධාරින් රැසත් සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ
