නෝර්වුඩ්
පොලිස් වසමේ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි පත් කල මහජන ආරක්ෂක කමිටු
සාමාජිකයන් 20 දෙනෙකු තෝරා ගෙන එම අයවලුන් හට නිළ හැදුනුම්පත් නිකුත් කිරිම හැටන්
සහකාර පොලිස් අධිකාරි 1 නිස්සංක ගොඩමුණ්න මහතාගේ ප්‍රධානත්වයෙන් (11) දින නෝර්වුඩ්
ක්‍රීඩාංගණයෙදි සිදු කෙරිණ.
නෝර්වුඩ්
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර රාජනායක මහතා විසින් සංවිධානය
කර තිබූ මෙම වැඩසටහනේදි සහකාර පොලිස් අධිකාරි විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක
මහතාගේ “රටම එකට” යන
වැඩසටහන පිලිබදවද දැනුවත් කරනු ලැබුවා.
මහජන
ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහයෝගය මත පොලිසිය සමග එක්ව මත්ද්‍රව්‍ය වලින් තරුණ
පිරිස් මුදා ගැනීමට කටයුතු කල ආකාරය පිලිබදවද සහකාර පොලිස් අධිකාරි විසින් පැමිණ
සිටි පිරිස දැනුවත් කරනු ලැබුවා.
සිවිල්
ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ නිර්දේශය මත ඉදිරියෙදි පොලිස් වාර්ථා ලබා දීමටද කටයුතු
කරන බවයි හැටන් සහකාර පොලිස් අධිකාරි 1 නිස්සංක ගොඩමුණ්න මහතා කියා සිටියේ.
මෙම
අවස්ථාවට නෝර්වුඩ් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි
විය.
රංජිත් රාජපක්ෂ
