පෑලියගොඩ මාලිමා මන්ත‍්‍රිනිය කොස්ගොඩ සුජී සමග ඥාතිකමක් හෙලිවී නෑ...- පොලිස් ඇමති

 


අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳවන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීනී දිස්නා නිරංජලා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා අදහස් පල කරයි.

බීබීසී වෙත අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ මන්ත්‍රීවරිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුට ඥාතීත්වයක් ආනාවරණය වී නොමැති අතර දැනට විමර්ශන ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

"විමර්ශන සිද්ධ වෙනවා. දැනට කියන්න බැහැ.

අපි අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට අරන් නැත්තම් නේ බලන්න ඕනේ නේ ද? වෙන දා අහන්නේ අත්අඩංගුවට ගත්තා ද නැද්ද කියලා. දැන් අත්අඩංගුවට ගත්ත එක ගැන ද අහන්නේ.

විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මේකට සම්බන්ධ නම් කවුරු හරි එයාලා අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා" 

Previous Post Next Post