මූල්‍ය අමාත්‍යාංශය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, 2025 වර්ෂයේ මුල් භාගයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි අලෙවි ආදායමෙහි 38.8%ක කඩාවැටීමක් පෙන්නුම් කරයි.
මෙම වර්ෂයේ පළමු මාස හය තුළදී CEB උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 192.6ක් පමණි. මෙය පෙර වර්ෂයේ (2024) එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 314.4ක ආදායම සමඟ සසඳන විට, රුපියල් බිලියන 121.8ක (රුපියල් කෝටි 12,180ක) අඩුවීමකි.
මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වන්නේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල පහළ යාමයි. එනම්, 2024 පළමු මාස හය තුළ කිලෝවොට් පැයකට රුපියල් 41.97ක්ව පැවති අවසන් පාරිභෝගික ගාස්තුව, 2025 මුල් භාගය වන විට කිලෝවොට් පැයකට රුපියල් 24.64ක් දක්වා අඩු වීමයි.
මෙම ගාස්තු අඩු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභදායිත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇත.
