හෙට දිනයේදී රට පුරා වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ 2026 වසරට අදාළව ඉදිරිපත් කර ඇති අයවැය හරහා වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවයේ ගැටළු විසඳීමට යෝජනා ඉදිරිපත් නොකිරීමට විරෝධය පළ කරමිනි.
මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය වේලාසන දැනුවත් කර ඇතත් සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කරන ලද බවත් සංගමය සඳහන් කරයි.
