බස් ගාස්තු පෙරගෙවූම් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බැංකු විසින් අය කරනු ලබන අධික කොමිස් මුදල හේතුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසතුටක් පළ කරන බව එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කරයි.
බස් රථවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පහසුකම සැපයීම පිළිබඳව රජයට ස්තූතිවන්ත වන බව රණසිංහ මහතා ප්‍රකාශ කළේය. බස් හිමියන් ලෙස තමන් දීර්ඝ කාලයක් පුරාවටම මෙම ක්‍රමවේදය බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, අද වන විට ප්‍රවාහණ කර්මාන්තය යම්කිසි කැටළුකාරී තත්ත්වයකට පත්ව ඇත්තේ, මෙම ප්‍රවාහණ කාඩ්පත් ක්‍රමවේදය ලංකාව තුළ ක්‍රියාත්මක වන බැංකු පද්ධතිය හා සම්බන්ධව ක්‍රියාත්මක වීම හේතුවෙනි.
ප්‍රවාහණ අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවලදී, රජයේ පාර්ශවයෙන් බස් හිමියන්ට දැනුම් දීමක් සිදු කර ඇත්තේ, මෙම ක්‍රමවේදය සඳහා බැංකුව අය කළ යුතු කොමිස් මුදල සියයට එකට වඩා අඩු විය යුතු බවයි. රජය අනුමත කර ඇත්තේ ද එවැනි අඩු කොමිස් මුදලකි.
නමුත් මේ වනවිට කොමිස් මුදල සියයට 1.3 සහ 1.8 යන පරාසය තුළ අය කිරීමට සිදුවන බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගේ අසතුට ප්‍රකාශ කරන බව රණසිංහ මහතා අවධාරණය කළේය.
ඉතා අසීරුවෙන් බස් රථ ධාවනය කර උපයන බස් ගාස්තුවේ ආදායමෙන් 1.5ක වැනි කොමිෂන් එකක් බැංකුවට ගෙවීමට සූදානම් නැති බවත් ඔහු පවසයි.
"බැංකු වලින් අපිට ඉල්ලා සිටිනවා අපිට සහයෝගය දක්වන්න ඔබ මේක මස් රාත්තලම වගේ කමිෂන් එක මෙච්චලක් කියලා මස් වලින් නොලැබී යන මුදල බැංකුව ලබාගන්න හදනවා නම් ඒක ඉතාමත් අසාධාරණයි" යැයි රණසිංහ මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, "බැංකු පද්ධතිය පෝසත් කරන්න නෙමෙයි අපි බස් දුවන්නේ" යනුවෙනි.
සමස්ත බැංකු පද්ධතියෙන් ඉල්ලා සිටින්නේ, මෙම කාර්ය සාධකය සාර්ථක කරගැනීම සඳහා අඩු කොමිස් මුදලකට සහයෝගය දක්වන ලෙසයි.
