මුලින්ම පොලිස් සහතිකේ ගන්න ඕන නාමල්....


මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල රටින් තුරන් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ඒ සඳහා ගතවන කාලය පමණක් ගැටලුවක් ලෙස ඇති බව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, අපේක්ෂකයින්ගේ පොලිස් සහතික ලබා ගැනීමට පොදුජන පෙරමුණ කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටි අතර, එහිදී එයට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අනෙක් අයගේ පොලිස් සහතික ලබා ගැනීමට පෙර තමාගේ පොලිස් සහතිකය ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පවසා සිටින බවය.

Previous Post Next Post