රන්වල සහෝදරයාට උපාධි සහතිකය පෙන්නන්න බැරිවුනා.. ඒක ඔහුගේ වරදක් කියා විශ්වාස කරන්නෑ..- මාලිමා මන්ත‍්‍රී

 


බලාපොරොත්තු වූ ආකාරයට රන්වල සහෝදරයාට තම උපාධි සහතිකය ඉදිරිපත් කර ගැනීමට නොහැකි වූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.

රංවල සහෝදරයා මහා දැවැන්ත වැඩ කොටසක් කළ හොඳ චරිතයක් බවද පැවසූ ඔහු එම උපාධි සහතිකය ගැන කතා අවසන් කර ඇති බවද සඳහන් කළේය.

නමුත් එය රංවල සහෝදරයාගෙන්වූ අඩුපාඩුවක් ලෙස විශ්වාස නොකරන බවද පැවසූ ඔහු ඒවා විශේෂයෙන් නැවත නැවත මතක් කිරීමේ උවමනාවක් නැති බවද පැවසීය.

නාමල්ගේ උපාධිය වැඩකුත් නැත්තා සේම රන්වලගේ උපාධියද වැඩක් නැති බවද ඔහු පැවසීය.

අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය ගැන මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.


3 Comments

  1. මූ කියන්නෙ නාමෝලුයි රංවලයි එක බෝට්ටුවෙ ජොකියො දෙන්නෙක් කියල ද ?

    ReplyDelete
  2. As per our constitution, Speaker is the 3rd person in the official order. Thus, I believe he should not lie to the public with a fake certificate which he has not obtained.

    ReplyDelete
  3. පෙන්නන්න බැරිවුනා කියන්නෙ මුලිම්ම පෙන්නන්න එකක් තියෙන්න එපාය.
    NDT ඩිප්ලෝමාව කළ එකෙක්ට එක පාරටම PhD කරන්න දෙන්නෙ පැලවත්තේ පමණක් වෙන්න ඇති නැත්තං ලෝකෙ කිසිම රටක එහෙම දෙන්නෙ නෑ. අනික ගෑණි ඩොට්ට උනාට මිනිහත් ඩොට්ට කියල දාන රටක් මේ ලෝකෙ නෑ.

    දේවානන්දය මේ අවුරුද්දට මහත් වෙලා පාට වැටිලා - 2000 කෑම මරු වගේ

    ReplyDelete
Previous Post Next Post