රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණීසර හිමියන් විසින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
මෙම අදහස් පළ කරන ලද්දේ පූජ්‍ය දෙනගම ශ්‍රී ධම්ම රක්ඛිත හිමියන් විසින් රචිත ළමා ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙම වැඩසටහන පනිපිටිය දෙව්රම් විහාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මහාචාර්ය පාතේගම ඥාණීසර හිමියන් පෙන්වා දුන්නේ, මෑතක සිට දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන බවටත්, අලුතෙන් අධ්‍යාපනය හදන්න ඕන බවටත් කියමින් සිටින බවයි. එම නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනය තුළ 'ක්‍රියාශීලී' විය යුතු බවට අලුතෙන් කරුණු එකතු වී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.
කෙසේවෙතත්, උන්වහන්සේ චෝදනා කළේ එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පුංචි දරුවන්ට පවා ලිංඝික ජීවිතය පුරුදු කිරීමට උත්සාහ කරන බවයි. පූජ්‍ය පාතේගම ඥාණීසර හිමියන් පැවසුවේ එම තත්ත්වය කළේ "පුංචි එවුනොත් කසාද බන්දන්න ඕන වගේ අදහසක්" ලෙසයි.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වැරදි බව අවධාරණය කළ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුවට ආගමක් නැති බවත්, මේ ආණ්ඩුවේ මිනිසුන් ආගම නොදන්නා බවත්ය. එලෙස ආගම නොදන්නා පුද්ගලයින් විසින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
එමෙන්ම, උන්වහන්සේ ප්‍රකාශ කළේ නිරාගමික මිනිහෙකුට මේවා නොපෙනෙන බවත්, නමුත් මේ රට නිරාගමික රටක් නොවන බවත්ය.
තවද, මහාචාර්ය ඥාණීසර හිමියන් ඡන්දය දීම සම්බන්ධයෙන් පසුතැවිලි වන ආකාරයේ අදහසක් පළ කළේය. උන්වහන්සේ ප්‍රකාශ කළේ, 'දරුවන්ට රටක් තියෙන්න ඕන යන හැඟීමෙන් ඡන්දයක් දුන්නත්, ඒක ගොං කමක් කියලා දැන් අපිට හිතෙමින් පවතිනවා" යනුවෙනි.
