කොටියෙකු පහර දී තුවාල ලැබූ කාන්තාවක් රෝහෙල්

 


බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් වතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට කදුකර කොටියෙකු පහර දී තුවාල සිදු කර ඇති බවත්, එසේ තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත (25) දින පස්වරුවේ ඇතුලත් කල බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ. ජයසූරිය මහතා පැවසීය.

කදුකර කොටියා එක්වරම තමා දෙසට පැන පහර දී තුවාල සිදු කල බවත්, එම අවස්ථාවේ අතේ තිබූ කුඩා පිහියෙන් කදුකර කොටියාගෙන් බේරිම සදහා කොටියාට පිහියෙන් පහර දුන බවයි එම කාන්තාව කියා සිටින්නේ.

වතු කම්කරුවන් සුරතලයට ඇති කරන සුනඛයින් තේ දළු නෙලන ස්ථාන වලට රැගෙන යන බවත්, එම සුනඛයින් දඩයම් කිරිම සදහා පැමිනෙන කදුකර කොටියන් සුනඛයා අසළ සිටින පුද්ගලයන්ට පහර දී තුවාල සිදු කර ගොදුර රැගෙන යන බවයි වනජීවි නිළධාරින් කියා සිටින්නේ.

තේ වතුවල වැඩ කිරිමෙදි මෙවැනි අනතරු සිදු විය හැකි බැවින් තේ වතුවල වැඩ කිරිමෙදි නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් රැගෙන නොයන ලෙසට වනජීවි නිළධාරින් වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

තුවාල ලැබූ කාන්තාව වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කරන බව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා පැවසීය.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post