ආණ්ඩු හැදු අපිට ගමේ ඉන්න බැරි තත්වයක් ඇතිවෙලා.. මෙහෙම ගියොත් ජනාධිපති ගෙදර යන්න වෙනවා..- මාලිමා ගම් නායකයෙක් මාධ්‍ය හමුවේ..

 


තමන් පක්ෂයේ දේශපාලන උපරිමයට කර ඡන්ද මධ්‍යස්ථාන නියෝජත ලෙස පවා සිටි පුද්ගලයෙක් බවත් අද ගමේ ඉන්න බැරි තැනට වැටී ඇති බවත් අක්කර දෙසීය ජයසිරිපුර ගොවිසංවිධානයේ උපසභාපති යූ.ජී. ධනවර්ධන මහතා පවසයි.

ආණ්ඩු හැදුවාට පසු අද වන විට ගමේ ඉන්න බැරි තත්ත්වයක් තමන්ට උදාවී ඇතැයිද ඔහු කියා සිටී.

තමන් ඇතුළු ප්‍රදේශයේ ගොවීන් දුක් විඳලා හදපු ලූණු  විකුණා ගන්න විදිහක් නැතුව පැලවෙනවා කුණු වෙනවා යයිද හෙතෙම සඳහන් කළේය.

ඇමතිලා මොන සෙල්ලම් දැම්මොත් මේ විදිහට ගියොත් හෙට අනිද්දාට ජනාධිපතිතුමාට ගෙදර යන්න සිදුවෙන බවද ඔහු මාධ්‍ය හමුවක් අපි දෙමින් කියා සිටියේය.

Previous Post Next Post