පහත් බිම් රැසක් ජලයෙන් යටවේ...

 


මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කිහිපයක් (26) දින පෙරලුණු බවත්, එසේ පෙරලුණු ගල් ඉවත් කිරිමට මේ වන විට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් යොදා ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.

මේ අතර, නුවරඑලිය කදපොළ ප්‍ර දේශයට ඇද හැලුණු අධීක වර්ෂාවත් සමග නුවරඑලිය කදපොළ ගල් පාලම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වීම නිසා නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට (26) උදෑසන බාධා පැමිණ තිබුණි.

වැසි ජලයෙන් අවට එළවලු වගාවටද දැඩි අලාභහානි සිදු වී ඇත.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post