"සෙන්යාර්" සුළි කුණාටුව මැලක්කා සමුද්‍ර සන්ධිය සහ ඒ ආශ්‍රිත ඊසානදිග ඉන්දුනීසියාවේ අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 97.8°E අසල වෙරළබඩ ප්‍රදේශ හරහා අද (2025 නොවැම්බර් 26 වන) දින 0300 UTC පමණ වන විට කේන්ද්‍රගතව පැවතුනි. එය බටහිර - නිරිත දෙසට ගමන් කර 2025 නොවැම්බර් 27 වන දින 0000UTC දක්වා සුළි කුණාටුවේ තීව්‍රතාවය පවත්වා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.
පහත සිතියමේ "Advisory " කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
පහත සිතියමේ "Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
ධීවර සහ නාවික ප්‍රජාවන්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
