ලබන වසර වන විට මෙරට වාහන මිල තවත් පහත ගොස් ස්ථාවර මට්ටමකට පත්වනු ඇති බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලා වීරසිංහ මහතා විශ්වාසය පළකරයි.
මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ ජූලි මාසයේ සිට වාහන ආනයනය සඳහා විවෘත කරන ලද ණයවර ලිපි ලේඛන හේතුවෙන් ආනයනය යම් ආකාරයකින් වැඩි වුවද වර්තමාන දත්ත අනුව එම ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බවයි.
ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලට සාපේක්ෂව මෙම පහත වැටීම කැපී පෙනෙන බව අධිපතිවරයා පෙන්වා දෙයි.
ඒ සමඟම වාහන ආනයන මිල ද නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අඩු වීගෙන යන බව ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් වෙළඳපොළ යම්කිසි ස්ථාවරත්වයක් කරා ගමන් කරන බව ද අධිපතිවරයා ප්‍රකාශ කළේය.
මහ බැංකුව වසර මුලදී සමස්ත වාහන ආනයන සඳහා ඩොලර් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි.
අධිපතිවරයාගේ පූර්වකථනය වන්නේ මේ වන විට පෙන්නුම් කළ ඉල්ලුම සම්පූර්ණ වී අවසන් බැවින්ල මෙම ඉල්ලුම අඩු වීගෙන යන බවයි.

පරණ වාහන වලද, අලුත් වාහන වලද
ReplyDeleteMore specifically, අපේ ලීසින් කලු කඩන් වැටෙන නිසා අපි ටැක්ස් වැඩි කරපු වාහන වල මිල අඩුවෙනවා.
DeleteBe careful when buying the vehicle these days due to past flood incident. Lot of vehicles which are damaged from the disaster try to sell in the market these days.(Unregistered and registered both)
ReplyDelete