පොලිස් බිරිද පොලිසියට පැන යකා නටයි..


 අලව්ව පොලිස් ස්ථානයේ රාජකාරී කරන කොස්තාපල්වරයෙකුට අදාළව ඊයේ (31) දහවල් කාලයේදී කලහකාරී සිදුවීමක් වාර්තා විය. 

පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, එම නිලධාරියාගේ බිරිඳ විසින් පොලිස් පරිශ්‍රයට ඇතුළු වී තම ස්වාමිපුරුෂයාට දොස් පවරමින්, පොලිස් භූමියේ නවත්වා තිබූ ඔහුට අයත් යතුරුපැදියට පහර දී අලාභහානි සිදුකර පලා ගොස් ඇති බවයි.

මෙම සිදුවීමෙන් අනතුරුව, අදාළ පොලිස් කොස්තාපල්වරයා සිය නිවසට ගොස් තිබේ. ටික වේලාවකින්, තම සැමියා යම් විෂ දියරයක් පානය කර ඇති බවට සැක පළකරමින් ඔහුගේ බිරිඳ විසින් අලව්ව පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී නිලධාරීන් කණ්ඩායමක් අදාළ කොස්තාපල්වරයා පදිංචි නිවස වෙත පිටත් කර හැර ඇත. අනතුරුව, ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේ වෙතත්, මෙම ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර මතභේදයක් ඇති වීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි. 

අලව්ව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Previous Post Next Post