රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
2026 වර්ෂය යෝජිත අයවැය තුලින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය
සේවාවට සිදු වී ඇති අගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ සහ තීරණ ගැනීමේ දිගුවක් ලෙස රට
පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට කැඳවීම.
2026 වර්ෂයට යෝජිත අය වැය ප්‍රකාශ කිරීමත් සමඟම ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව
කබලෙන් ලිපට “තල්ලු” කිරීමට යන ආකාරයක් අප හට දිස්වෙමින් පවති. මෙම අයවැය යෝජනා තුලින් සෞඛ්‍ය
සේවාව තුල ඇති ප්‍රධානතම ගැටළු කිසිවක් ප්‍රමුඛතාවයට අනුව හඳුනාගන්නට රජය අපොහොසත් වී ඇති බව දක්නට ලැබීම ඉතා කනගාටුදායක සිදු වීමකි.
ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික වැනි අංශ සියල්ලටම ඍජුවම
බලපාන රටේ කොදු නාරටිය වන් නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ, ඖෂධ වල සහ රෝගී
සත්කාරක සේවාවේ ඇති ගැටළු අමතක කර දමමින් අයවැය යෝජනා වලදි කටයුතු කිරීම ඉතා බරපතල
ගැටළුවක් ලෙස අපි සලකන්නෙමු.
වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් ගත් කල මේ වන විට ඔවුන්ගේ
වැටුපට බලපාන ලෙස කප්පාදු කිරීම් රැසකට මෙම අයවැයේදීත්, පසුගිය අයවැයේදිත් ඔහුන් මුහුණ
දෙමින් සිටියි. රජයේ මෙම අදූරදර්ශි තිරණ නිසා විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ
බුද්ධිගලනය තවදුරටත් වැඩි වෙන අවදානමක් ඇති වෙමින් පවති.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටළු අතින් ගත් කලද මෙම අයවැය
ඔස්සේ ඔවුනට කිසිඳු සාධාරණයක් ඉටු වී
නොමැත. විශේෂඥ වෛද්‍යවරුන් අධික අවදානමක් සහ වගකීමක් දරමින් දීපව්‍යාප්ත සේවාවක
නියැලෙන තවත් වෛද්‍ය කාණ්ඩයක් වේ. ඔවුන් අතුරින් විශාල පිරිසක් වෛද්‍ය හිඟය නිසා එක් රෝහලකට වඩා වැඩි රෝහල් ප්‍රමාණයක් විශේෂ වැටුපක් හෝ ආවරණ
රාජකාරි දීමනාවක් නොමැතිව මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් ආවරණය කරමින් රෝගී
සත්කාර සේවා අඩාල වීමට නොදි පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටියි.
අනෙකුත් සමාන්තර ශ්‍රේණි වල රාජ්‍ය නිලධාරීන් සඳහා ලැබෙන ප්‍රවාහන දීමනා සහ පහසුකම්, ඉන්ධන දීමනා ද නොමැතිව සිය වැටුපෙන්
භාගයකටත් වඩා වැඩිපුර ප්‍රවාහනය සඳහා වියදම් කරමින් පර්යන්තයේ පවතින දුෂ්කර රෝහල් වල රාජකාරියේ නිරත වෙන මෙම
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ද පසුගිය වැටුප් සහ
දීමනා කප්පාදු කිරීම් වලට අමතරව මෙවර තිරුබදු සහන සහිත බලපත්‍රය අහෝසි කිරීමට
කටයුතු කිරීම නිසාත් ඔවුන්ගේ වැටුප් සහ රෝගී සත්කාර සේවාවේදි අවශ්‍ය වෙන පහසුකම්
පිළිබඳව ද මෙම අයවැය තුලින්
නිසියාකාරව විසදුම් ලබා නොදීම නිසාත් දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් විශේෂඥ වෛද්‍යවරුන්
අතර ද මේ වන විට ඇති වී තිබේ.
තවදුරටත් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් හට අදාල
වැටුප් සහ දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කරමින්, සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස්ගත
විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් හට මෙරටට නැවත පැමිණ රාජකාරි කිරීම සඳහා ඉල්ලීම් කිරීම ඉතා පරස්පර සහ හාස්‍යජනක සිදු වීමක් ලෙස අප දකින්නට
කැමැත්තෙමු. එපමණක් නොව මේ වන විට විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුගේ විදේශ අධ්‍යාපනය අවසන්
කොට මෙරටට පැමිණිමෙන් පසු තම දරුවන් රජයේ පාසලකට ඇතුලත් කරගැනීමේ අවස්ථාවටද ඉඩ
ඇහිරී ඇත.
මෙවැනි අදූරදර්ශී ක්‍රියාකලාපයන්ට අනුගත වෙමින් සෞඛ්‍ය
සේවාවේ සත්‍ය ගැටළුව වන මානව සම්පත රඳවා ගැනීම පිළිබඳව නොසලකා හරිමින් රජය දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඉන් සිදු වන්නේ දැනට
ලොක්යේ දියුණු රටවල් හා උරෙන් උර ගැටෙමින් ඉතා අනර්ඝ සේවයක් සපයන ශ්‍රී ලාංකීය
නිදහස් සෞඛ්‍ය සේවාව පරිහානියට පත් වීමයි.
ශ්‍රී ලාංකාවේ නිදහස් සෞඛ්‍ය සුරකිමින් වෛද්‍යවරුන්ගේ
අයිතිවාසිකම්ද රැකගනිමින් කටයුතු කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකායාන
අභිප්‍රාය වේ. එම නිසා 2026 වර්ෂයේ අයවැය
තුලින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳිමට අපොහොසත් වීමට විරෝධතාවය පාමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක්
ආරම්භ කිරීමට ඊයේ දිනයේ පැවැත්වුණු මධ්‍යම කාරක සභාවේදි තීරණය කෙරුණු අතර රජයේ
පාර්ශවයෙන් සාධණීය ප්‍රතිචාරයක් නොලැබිණි නම් ලබන සඳුදා සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ වනු ඇත.
එහි තවත් එක් පෙර සාකච්ඡාවක් ලෙස 2025.11.14 වැනි
සිකුරාදා දින දිවයින පුරා සිටින සියලු විශේෂඥ වෛද්‍යවරුන් කොළඹ රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැඳවීමට තීරණය කර ඇති අතර එහිදි ඔවුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධවත්, එම ගැටළු සඳහා සාධනීය විසඳුම් නොලැබෙන්නේ නම් සේවා
පවත්වාගෙන යාම පිළිබඳව සහ ඉදිරි වෘත්තීය
සමිති ක්‍රියාමාර්ග සඳහා බලපාන තින්දු තීරණ
රැසක් සාකච්ඡා වීමට නියමිත වේ.
