රටම එකට ජාතික වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් තංගල්ලේදී විසි වෙනදා පැවැත්වීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිසියේ කටයුත්තක් බවද හෙතෙම පැවසීය.
එම කටයුතු සඳහා ජනාධිපතිවරයා සහභාගී වන බවද ඒ හැර වෙන කිසිවක් නැති බවද ඔහු කියා සිටියේ එම එස්වීම සඳහා පිරිස් සහභාගී කරවන්නැයි පොලිස් ස්ථාන වෙතට චක්‍රලේකයක් යොමු කර ඇතැයි විපක්ෂ මන්ත්‍රී ඩීවි චානක මහතා එල්ල කල චෝදනාවට පිළිතුරු ලෙසයි.
ඩී.වී. මහතා ප්‍රශ්න කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන ආරක්ෂක කමිටු ඇත්තේ හත්සීයක් පමණක් වුවත් 3500කට ආහාර ලෑස්ති කරන්නයි පොලිසියට උපදෙස් ලබා දී ඇති බවත්ය.
