ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර පරිශ්‍රයේ කොටසක් කඩා ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම දෙසැම්බර් මස 16 වැනි දින සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් කල් තබා ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිසර අමාත්‍යවරයා නම් කර ඇත.
පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ, මෙම විහාරස්ථානය 1951 වසරේදී බෞද්ධ විහාර දේපළ ආඥාපනතට අනුව අමරපුර නිකාය යටතේ නිල වශයෙන් ලියාපදිංචි කර ඇති බවයි.
එමෙන්ම, එවකට විහාරාධිපතිව සිටි පූජ්‍ය මහින්ද වංශතිස්ස ස්වාමීන්වහන්සේගේ ධුර කාලය තුළ, 2014 වසරේ ජූනි මස 06 වැනි දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම විහාරස්ථානයට වලංගු ඔප්පුවක් පිරිනමන ලද බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.
