කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නිවසේ තිබියදී අත්අඩංගුවට ගත් එප්පාවල කාටියව යාය දෙක විදුහල්පතිවරයාගේ සේවය මෙතෙක් අත්හිටුවා නැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙය දේශපාලන බලපෑමක් මත සිදුවන බවට සැක සංකා මතුවන බවයි.
මෙම පුද්ගලයාට බරපතළ දේශපාලන රැකවරණයක් ඇති බවට කරුණු ගණනාවකින් තහවුරැ කල හැකි බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
සාමාන්‍යයෙන් ගුරුවරයකු විදුහල්පතිවරයකු සුළු විනය චෝදනාවක් එල්ල වූ පසු විනයක් ක්‍රියාමාර්ගග ගෙන වැඩ තහනමකට ලක් කරන නමුත් මෙම විදුහල්පතිවරයාගේ වැඩ තහනමකට මෙතෙක් ලක් කර නැති බවද ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයෙක් හේතුවෙන් දේශපාලන බලපෑම් මත මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එවන් පියවරක් නොගෙන ඇති බවද හෙතෙම චෝදනා කළේය.
