කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය..
පහත පෙන්වා ඇත්තේ අද(30) දින උදෑසන කාලයේ සහ අද සවස 7.00 ට පමණ, චීනයේ FY-4B චන්ද්‍රිකාවෙන් ලබා ගන්න ලද ශ්‍රී ලංකාව අශ්‍රිත, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ චායාරූපය දෙකකි. ශ්‍රී ලංකාවට ඉතා දරුණු බලපෑමක් ඇති කර දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින "දිට්වා" [Ditwah] සුළිකුණාටුව, මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී, කන්කසන්තුරය සිට 240 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය සමග පවතින වලාකුළු වල වර්ධනය ක්‍රමයෙන් දුර්වල වී ඇත බව චායාරූපයේ නිරීක්ෂණය කල හැක. මේ වන විට ශ්‍රී ලංකාවේ ගොඩ බිම් ප්‍රදේශයේ කාලගුණය කෙරෙහි මෙම පද්ධතියේ ඍජු බලපෑමක් නොමැත. එනම් මෙම පද්ධතියේ බලපෑමෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට වර්ෂාව ඇති නොවේ. කෙසේ වෙතත් තද සුළං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින කරන ලද දැනුම් දීම තවදුරටත් වලංගු වේ. ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල යෙදීම වළක්වමින් නිකුත් කල අනතුරු ඇඟවීම ඉවත් කර ඇත.
ඉදිරි සතියේ මුල් දින කිහිපයේදී නිරිත දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහය සමග නිරිතදිග කොටසේ ඇතිවන සුළු වැසි තත්ත්ව සහ සතියේ අවසන් දිනවල ඊසාන සහ නැගෙනහිර දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහය සමග උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තරමක වැසි තත්ත්වයන් ඇතිවිය හැක. දෙසැම්බර් මස පළමු සතිය අග වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවෙන් පැමිණෙන සුළං ප්රවාහයේ වෙනස්වීමක් මත දිවයිනේ වැසි තත්වයේ යම් වැඩි වීමක් ඇතිවේද යන්න පිළිබඳව මේ දින වල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමුව පවතී.
දෙසැම්බර් මස, ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත තවත් සුළිකුණාටුවක බලපෑම එල්ලවන බවට අසත්‍ය තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී. සුළිකුණාටුවක් එක්වරම ඇති නොවන අතර, එය කැළඹීම් ස්වභාවයේ සිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේදී අඩු පීඩන, පීඩන අවපාතය සහ ගැඹුරු පීඩන අවපාතය යන අවධීන් කිහිපයක් පසු කල යුතු අතර ඒ සඳහා දින ගණනාවක් ගත වේ. ඉදිරි සතිය තුල ශ්‍රී ලංකාව ආසන්නයේ පහල වායු ගෝලයේ කැළඹීම් ස්වභාවයක් වර්ධන වීමක් සම්බන්දව විශ්ලේෂණ වලදී තවම හඳුනාගෙන නොමැත. දත්ත විශ්ලේෂණයේදී එවැනි තත්ත්වයක් දින 5 කට පමණ පෙර හඳුනා ගත හැකි හෙයින්, කල් ඇතිව ඒ සම්බනදව ජනතාව දැනුවත් කිරීමේ හැකියාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුවේ. එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.

සුළි කුණාටුව parliament එකට ඇවිල්ලා මුන් 159 ම ගහගෙන පලයව්. ගොබ්බ මූසල හැත්ත
ReplyDeleteWhat we now understand is that the hating of each other only bring more dissasters individually and as a whole country. Recent months socially damaging news with bad language have been common prominent everywhere by these media organizations and UTubers.This country has full of people with critizing and negativity.
ReplyDelete