මෙක්සිකෝවේ ප‍්‍රචණ්ඩ Z-gen විරෝධතා.. ජනාධිපති මන්දිරයට කඩා වදිති..


මෙක්සිකෝවේ රජයේ ආරක්ෂක ප්‍රතිපත්ති රටේ වැඩෙන ප්‍රචණ්ඩත්වය මැඩලීමට අසමත් වී ඇති බවට චෝදනා කරමින් සෙනසුරාදා මෙක්සිකෝව පුරා නගරවල දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා දැක්වූහ. 

කෙසේ වෙතත්, ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් කියා සිටියේ මෙම විරෝධතා විදේශයන්ගෙන් මෙහෙයවනු ලබන බවයි.

Z gen යටතේ ලොව පුරා සිදුවන අනෙකුත් තරුණ ව්‍යාපාරවලට සමාන ආකාරයකින් පැවති මෙම විරෝධතාවලට විශේෂයෙන්ම හේතු වූයේ මෙම මාසය මුලදී නගරාධිපතිවරයකු ඝාතනය වීමයි.

විරෝධතාකරුවන් මෙක්සිකෝ නගරයේදී "කාර්ලෝස් මිය ගියේ නැත රජය ඔහුව මැරුවා" යනුවෙන් කියා සිටියේ බටහිර මිචෝකන් ප්‍රාන්තයේ උරුආපන් නගරයේ අභාවප්‍රාප්ත නගරාධිපතිවරයා ගැනයි. ඔහු නොවැම්බර් 1 වන දින උත්සවයකදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

මුහුණු ආවරණය කළ විරෝධතාකරුවන් මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් පදිංචිව සිටින මාලිගය වටා ඇති ලෝහ වැටවල් පවා කඩා දැමූ අතර, එය කඳුළු ගෑස් සහ ගිනි නිවන උපකරණවලින් ප්‍රතිචාර දැක්වූ කැරලි මර්දන පොලිසිය සමඟ ගැටුම් ඇති කිරීමට හේතු විය.

රොයිටර් පුවත් සේවයට අනුව, විරෝධතාකරුවන් කිහිප දෙනෙක් ආරක්ෂක අංශවලට කෑගසමින් "කාර්ලෝස් මන්සෝ ආරක්ෂා කළ යුතුව තිබුණේ මෙහෙමයි" යනුවෙන් පැවසූහ.

මෙක්සිකෝ නගරයේ මහජන ආරක්ෂක ලේකම් කියා සිටියේ පොලිස් නිලධාරීන් 100 දෙනෙකුට තුවාල සිදු වූ බවත්, ඉන් 40 දෙනෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ බවත්ය. තවත් සිවිල් වැසියන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සතිය මුලදී, ජනාධිපති ෂෙයින්බෝම් මෙම විරෝධතාවල අරමුණු ප්‍රශ්න කළ අතර උදෑසන මාධ්‍ය හමුවේදී කියා සිටියේ විරෝධතා මුදල් ගෙවා සිදු කරන ලද ඒවා බවයි.

මෙක්සිකානු ජනාධිපතිවරයා කියා සිටියේ "එය රජයට එරෙහිව විදේශයන්ගෙන් ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයක්" බවත්, එය විශාල වශයෙන් දක්ෂිණාංශික දේශපාලන විරුද්ධවාදීන් විසින් සංවිධානය කර ඇති අතර සමාජ මාධ්‍යවල bots මගින් ප්‍රවර්ධනය කර ඇති බවත්ය.

1 Comments

  1. Nodakin. moda kalakanni. me loke deyak nodanna moda gon parapurak mun

    ReplyDelete
Previous Post Next Post